චීන නැවට පක්ෂ අටක් ගොඩ වෙති

280


චීන ‍නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවශ්‍ය පියවර ගන්නා ‍ලෙස ඉල්ලා සිටින බව ස්වාධීන පක්ෂ අටක එකමුතුව කියා සිටී.
මතුව ඇති තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන ලෙස අධිරාජ්‍ය විරෝධී සියලු‍ දේශපාලන බලවේගයන්ගෙන් ඉල්ලා සිටින බවත් අන් රටවල් සමඟ පවත්නා සබඳතා ශ්‍රී ලංකා – චීන සබඳතාවලට හානි නොවන ආකාරයෙන් පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජයට බලකර සිටින බවත් එම පක්ෂ එකමුතුව සඳහන් කරයි.
ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ,
ලංකා සම සමාජ පක්ෂය ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ, පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල,ශ්‍රී ලංකා මහජන පක්ෂය ප්‍රධාන ලේකම් අසංක නවරත්න , විජය ධරණී ජාතික සභාව නායක අතුරලියේ රතන හිමි , යුතුකම ජාතික සංවිධානය සභාපති ගෙවිඳු කුමාරතුංග යන ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයින් විසින් මෙම ඉල්ලීම කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment