නිවාස අමාත්‍යාංශය මිලියන 12,501ක ණය ගෙවා නිම කරයි

124

කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිසට නොගෙවා තිබූ රුපියල් මිලියන 12,501ක් පසුගිය වසරේ ගෙවා අවසන් කළ බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ආර්ථික අර්බුදය හා කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය දරුණු පසුබෑමකට ලක්වූ අතර මේ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත කොන්ත්‍රාත්කරුවෝ හා ඉදිකිරීම් ශිල්පීහු දැඩි පීඩාවට පත්ව සිටියහ. එමගින් එම පිරිස් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවට ප්‍රසන්න රණතුංග මහතා විසින් මුදල් ඇමැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමෙන් පසු අවශ්‍ය පියවර ගෙන මුදල් ගෙවීම සිදුකර තිබේ.

මීට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතුවූවන්ගේ ගැටලු කඩිනමින් විසඳීම සඳහා වන, අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා වන යෝජනා ඇතුළත් විශේෂ කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කළ බව ද ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා පවසයි.

ඉදිකිරීම් ගිවිසුම් අලුත් කිරීමේදී මිල ඉහළ යෑම්වලට අදාළ ගෙවීම් ඇතැම් රාජ්‍ය ආයතන මගින් සිදුනොකිරීම, ගෙවීම් ප්‍රමාද ගාස්තු නොගෙවීම වැනි ගැටලු විසඳීම සඳහා වන යෝජනා එම කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කිරීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment