පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් වහා හෙළිදරව් කිරීම මෛත්‍රීපාල සිරිසේනගේ වගකීමක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තිස්සමහාරාමේදී කියයි

52

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් කවුද කියා තවදුරටත් සැඟවිය යුතු දෙයක් නොව එය වහා හෙළිදරව් කිරීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වගකීම බවත් එම ප්‍රකාශය දේශපාලන කුමන්ත්‍රණයක්ද නැත්නම් වෙනත් අරමුණකින් සිදු කළ එකක් ද යන්නත් ජනතාව දැනගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය නිසා ජීවිත අහිමි වූ පුද්ගලයන්ට අප පිළිතුරු බැඳිය යුතු නිසා කරුණාකර මේ මිනිසුන්ගේ ජීවිත සමඟ තවදුරටත් සෙල්ලම් නොකර එම නම් හෙළිදරව් කරන ලෙසත් එසේ පැවසීමෙන් අදාළ පුද්ගලයන්ට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම වත්මන් රජයට පැවරෙන බවත් විපක්ෂ නායක කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 132 වැනි අදියර යටතේ හම්බන්තොට තිස්සමහාරාම උඩුවිල කණ්ෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබාගැනීමට රුපියල් ලක්ෂයක මුදලක්ද ලබා දුන්නේය.

පවතින බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට සම්ප්‍රදානුකූ ක්‍රමවේද නොගැලපෙන බවත් බොරුවට කයිවාරු ගසා ජනතාව රැවැට්ටීම තවදුරටත් වලංගු නොවන බවත් ණය වූ රටවලට කතා කර දැන් ණය ගෙවන්න බැහැ කියා කීම විහිළු කතාවක් බවත් එවැනි දේවලින් රටේ ගැටලු‍ විසඳිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. රටට අවශ්‍ය නව තාක්ෂණික ක්‍රමවේදවලින් පරිපූර්ණ වැඩපිළිවෙළක් බවත් එය කෘෂිකර්මාන්තයේ සිට අධ්‍යාපනය ආදී සෑම ක්ෂේත්‍රයකටම අවශ්‍ය බවත් කයිවාරු ගසා රට ගොඩ ගත නොහැකි බවත් හෙතෙම කීය.

advertistmentadvertistment
advertistmentadvertistment