අගුලූ දැමූ සිඞ්නි නගරයට හමුදාව කැඳවීම පිළිබඳව ජනතාව විරෝධය දක්වති

634

‘‘ඩෙල්ටා’’ ආසාදිත පොකුරු මතු වීම හේතුවෙන් දැඩි අගුලූ දැමීමකට ලක්කර ඇති ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නගරයේ මාර්ගවල අගුලූ දැමීමේ නීති ක‍්‍රියාත්මක වන බවට තහවුරු කිරීම සඳහා යුද හමුදා නිලධාරීන් යෙදීම පිළිබඳව ජනතාව මෙන්ම නගරයේ වෙසෙන ඇතැම් දේශපාලකයන්ද සිය විරෝධය පළ කර තිබේ. අගුලූ දැමීමේ නීති නිසි පරිදි ක‍්‍රියාත්මක වන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා සිඞ්නි නගරයේ මාර්ගවල හමුදා භටයන් 300ක පමණ දෙනා මේ වන විට යොදවා සිටින බව වාර්තා වී ඇත.

 සිඞ්නි නගරයේ ප‍්‍රදේශ 08ක් මෙම වසරේ මෙතෙක් වාර්තා වූ දැවැන්තම කොරෝනා ආසාදිත පොකුරු නිර්මාණය වී ඇති ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති අතර එම ප‍්‍රදේශවල මහාමාර්ගවල මෙම හමුදා භටයන් සේවය සඳහා යොදවා ඇත. මෙසේ ආසාදිත පොකුරු නිර්මාණය වී ඇති ප‍්‍රදේශවල මිලියන දෙකක පමණ ජනගහනයක් වාසය කරන අතර ඔවුන් දුගී බවින් පෙළෙන විවිධ ජන කොටස්වලට අයත් වූවන් වේ. මෙසේ හමුදා භටයන් අගුලූ දැමීම ක‍්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය කිරීම සඳහා යෙදවීමෙන් ජනතාවගේ විශ්වාසය මරා දැමීමට බලධාරීන් විසින් ක‍්‍රියාකර ඇති බවත් මෙමගින් එම ජනතාව පහළ පන්තියේ ජනතාවක් ලෙස සළකන බව පෙනී යන බව සිඞ්නි නගරයේ පළාත් පාලන ආයතන නියෝජිතවරියක් පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment