මත්ද්‍රව්‍ය වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට දෙමටගොඩදී ප‍්‍රහාරයක් – දෙදෙනකුට තුවාල

140

දෙමටමුල්ල කාකමුල්ල ප‍්‍රදේශයේ ඊයේ (15 දා) සවස මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ (සීසීඞී) නිලධාරීන් පිරිසකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ල කළ ප‍්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වයි.

අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ සවස

දෙමටගොඩ කාකමුල්ල ප‍්‍රදේශයේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමෙන් පසු කුපිත වූ එම ප‍්‍රදේශයේ තවත් පිරිසක් පොලිස් නිලධාරීන්ට ගල්මුල් ප‍්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරී ඇත. ප‍්‍රහාරයට ලක් වු නිලධාරීහු දෙදෙනෙක් එහිදී තුවාල ලැබූහ. අතිරේක පොලිස් කණ්ඩායම් පැමිණ තත්ත්වය පාලනය කර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ. මෙම සිද්ධියෙන් පසු එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කර තිබිණි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment