චීනයේ ප්‍රභල භූකම්පනයෙන් මියගිය ගණන සියය ඉක්මවයි

145

චීනයේ ගන්සු පළාතේ ඇතිවූ භූ කම්පනයෙන් මියගිය ගණන 118 ඉක්මවා ඇතැයි චීන ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරයි. තුවාල ලැබූ පිරිස ද ඊයේ (19දා) වනවිට 397කට වඩා වැඩි බව සඳහන් කරයි.

ගන්සු පළාතේ ජිෂිෂාන් ප්‍රදේශයේ ඉකුත් 18 වැනිදා රාත්‍රියේ මෙම භූ කම්පනය සිදුව ඇත.

රිච්ටර් මාපක 6.2ක් ලෙස සටහන්ව ඇති මෙම ප්‍රභල භූ කම්පනය චීනයේ වසර දහයකට ආසන්න කාලයකදී හටගත් මාරාන්තික භූ කම්පනය ලෙස වාර්තා වේ.

මෙම භූ කම්පනයෙන් නිවාස 4,700කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවද වාර්තා වී ඇත.

මෙම භූ කම්පනයෙන් බොහෝ දෙනෙක් මියගොස් සහ තුවාල ලබා ඇත්තේ තම නිවාසවල නිදාගෙන සිටියදීය.

පළමු භූ කම්පනයෙන් පසු රිච්ටර් මාපක 3 සහ ඊට වැඩි ප්‍රමාණයේ පසු කම්පන නවයක් පමණ සිදුව ඇතැයි ද වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment