මහනුවර රෝහලේ හදවත නවතී – හෘද රෝගීන්ට දෙයියන්ගේම පිහිටයි

408

මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ කැතීටරකරණ ඒකකයේ යන්ත්‍රයක් පූර්ණ ලෙස ක්‍රියාවිරහිත වීමෙන් හෘද රෝගීන් සඳහා සිදුකරනු ලබන පරීක්‍ෂණ ඇණහිට ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

මහනුවර ජාතික රෝහලේ මෙවැනි යන්ත්‍ර දෙකක් පවතින අතර අනෙක් යන්ත්‍රයද ඉදිරි දින කිහිපය ඇතුළතදී බිඳ වැටීමේ අවදානමක් පවතින බවද එම සංගමය පෙන්වා දෙයි.

මෙම අවදානම් තත්ත්වය හේතුවෙන් ඇන්ජියෝග්‍රෑම් පරීක්‍ෂණ (හෘදයට රුධිරය සපයන කිරිටක ධමනිවල ඇතිවන අවහිරතා හඳුනා ගැනීම, සටෙන්ටිං ප්‍රතිකාර, හෘදයේ ඇතිවන සිදුරු හඳුනා ගැනීම, හෘදයෙහි කපාටවල ඇතිවන දෝෂ හඳුනා ගැනීම පරීක්‍ෂණ පූර්ණ ලෙස බිඳ වැටී ඇති බවද එම සංගමය සඳහන් කර සිටී.

මහනුවර ජාතික රෝහලේ බලධාරීන් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරමින් නව යන්ත්‍රයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇතත් මෙතෙක් එයට ප්‍රතිචාර ලැබී නැතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සාමාජික චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම යන්ත්‍රය නඩත්තුව සඳහා රුපියල් මිලියන 26 ක මුදලක් අස්තමේන්තු කර ඇති අතර අදාළ යන්ත්‍රය නඩත්තු කරන්නේද යන්න පිළිබඳව ද මේ දක්වා තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටී.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment