පොලිස්පති පුටුවේ අවුල දිගටම! වැ.බ. පොලිස්පතිගේ සේවා දිගුව දෙවන වරටත් ප්‍රතික්‍ෂේප කරයි

156

නිත්‍ය පොලිස්පතිවරයකු පත් කිරීමට රජය මේ වනතුරුත් කටයුතු නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

පොලිස්පති තනතුර මේ වනවිට හෑල්ලුවී ඇති බව පවසන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු, මෙම තත්ත්වය තවදුරටත් පැවතුනහොත් එය පොලිස් දෙපාර්තමේන්තුවේ කඩාවැටීමට හේතුවනු ඇති බව ද පවසති.

පොලිස්පති තනතුර මේ වනවිට රීලෝඩ් පොලිස්පති තනතුරක් බවට පත්ව ඇති බව ද පොලිස් නිලධාරීහු කියා සිටිති.

මේ අතර වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදී ඇති සේවා දීර්ඝ කිරීම දෙවැනි වරටත් ප්‍රතික්‍ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කර ඇත.

පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතාට ලබාදී තිබෙන සිව්වැනි සේවා දීර්ඝ කිරීම ද ලබන 26 වැනිදා අවසන්වීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨත්වය අනුව මීළඟ පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්ධු තෙන්නකෝන්, ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු සුදුසුකම් ලබා සිටිති.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment