මුදල් හුවමාරු ආයතන 15 ක බලපත්‍ර අලුත් නොකරයි

177

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් හුවමාරු කරන්නන් පහළොස්දෙනෙක් වෙත නිකුත් කරන ලද මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023 වර්ෂය සඳහා අලුත් නොකිරීමට තීරණය කර ඇත. 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. මේ බව දැනටමත් එම ආයතන වෙත දැනුම් දී ඇත. මෙම සමාගම් සඳහා තවදුරටත් මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල නිරතවීමට අවසර නොමැති බවත්, එම සමාගම් සමග විදේශ මුදල් මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දනුම් දෙයි.

මුදල් හුවමාරු කරන ආයතන වන්නේ අරුණ ෆොරෙක්ස් (පුද්) සමාගම, බ්‍රෙෂියා ග්‍රාමින් (පුද්ගලික) සමාගම, ජෙයා ෆොරෙක්ස් එක්ස්චේන්ජ් (පුද්) සමාගම, කමල් එන්ටර්ප්‍රයිසස් (පුද්) සමාගම, කුඩාමඩුමනි එක්ස්චේන්ජ් (පුද්) සමාගම, මිඩ්නා මිනි මාර්කට් (පුද්) සමාගම, නිව් ලංකා ගෝල්ඩ් හවුස් (පුද්ගලික) සමාගම, රෆීක්ස් ජෙම්ස් (පුද්) සමාගම, රිම්හා ජුවලර්ස් (පුද්) සමාගම, සලාකා ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම, ශාරංගා මනි එක්ස්චේන්ජ් (පුද්) සමාගම, සොර්නම් ෆොරෙක්ස් (පුද්ගලික) සමාගම, තමාෂා ෆොරෙක්ස් (පුද්ගලික) සමාගම, යුනිවර්සල් මනි චේන්ජර්ස් (පුද්) සමාගම සහ වසන්තාස් ඉන්ටර්නැෂනල් මනි එක්ස්චේන්ජ් (පුද්) සමාගම යන සමාගම් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment