අපේ මුහුද අපවිත්‍ර කරන නැව්වලින් ඩොලර් බිලියන 7-8ක් වන්දි ගත හැකියි

128
  • ජාතික චින්තන සංසදයේ සාමාජික

මෙරටට අයත් මුහුදු සීමාව තුළ වායු දූෂණය කරමින් ගමන් ගන්නා ජාත්‍යන්තර නැව්වලින් වාර්ෂිකව ඩොලර් බිලියන 07 08 ක වන්දි මුදලක් ලබාගැනීමේ හැකියාව පවතින බව ජාතික චින්තන සංසදයේ නිත්‍ය සාමාජික එම්. ඒ. එස්. නිශාන්ත මහතා සඳහන් කරයි.

දැනට එම ගමන් මාර්ග සඳහා මුදල් අයකර ගැනීමේ අයිතිවාසිකම්, සිතියම් සකස් කළ එක්සත් රාජධාරිනිය විසින් ලබා ගන්නා බවත්, ඔවුන් වාර්ෂිකව මුදල් උපයා ගෙන සැබෑ අයිතිවාසිකම හිමි අප රටට සුළු කොමිස් මුදලක් ගෙවමින් සිටින බවත් නිශාන්ත මහතා පැවසීය.

ලොව සමස්ත නාවික ගමනා ගමනයෙන් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් හිමි මෙරට මුහුදු සීමාවේ (කිලෝමීටර් 10 ක් පමණ දුරින්) ජාත්‍යන්තර නැව් ගමන් කරනා බවත් ඒ මහතා කීය.

මේ ගැන බලධාරීන් නිසි අධ්‍යයනයක් සිදුකළ හොත් නාවික වායු දූෂණයට වන්දි ලෙස රටට විශාල ඩොලර් ප්‍රමාණයක් උපයාගත හැකි බවද නිශාන්ත මහතා වැඩිදුරටත් කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment