කුඩු රොෂාන්ට හා සහෝදරයාට ඇප

53

යුක්තිය මෙහෙයුමෙන් බේරීම සඳහා පලාගොස් වරකාපොළ හෝටලයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ප්‍රසාද් රුවන් හෙවත්, මට්ටක්කුලියේ කුඩු රොෂාන් සහ ඔහුගේ බාල සහෝදරයා රුපියල් තුන්කෝටි පනස් ලක්‍ෂයක මුදල් ඇප හා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 11ක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (07 දා) නියෝග කළේය.

එම සැකකරුවන් නීති විරෝධී ලෙස උපයා ගත් රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ සන්තකයේ තබා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන වැරැද්ද සිදුකර ඇති බවත්, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන කෙරෙන බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment