පුටුව චන්ද්‍රිකාට

367

පොදුජන එක්සත් පෙරමුණේ (පුටුව) පිහිටුවන නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්කිරීමට තීරණය කර ඇත.

එම පෙරමුණේ ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා පෙරේදා (06දා) රැස්වූ විධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ.

ඉදිරියේ පැවැත්වෙන මැතිවණවලට තරග කිරීම සඳහා පොදුජන එක්සත් පෙරමුණ යටතේ නව සන්ධානයක් ගොඩනැගීමට මේ වනවිට කටයුතු යොදා ඇත.

ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලයක් ලබන 22 දා පත්කිරීමට විධායක සභාව තීරණය කර ඇති බවද නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment