ලෝක කුසලාන බලන්න ක්‍රිකට් ලොක්කෝ වැය කළ මුදල් හෙළිවේ

478


ඕස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට ක්‍රිකට් ආයතනයේ සාමාජිකයින් 14 දෙනෙක් වෙනුවෙන් රුපියල් හය කෝටි හැත්තෑ හය ලක්ෂයකට අධික මුදලක් වැයකර ඇතැයි සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.මෙම පිරිස දින 10ක් එරට නැවතී ඇතැයිද සඳහන් කළේය.මේ අතර තවත් පිරිසක් ගෙනයාම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ හෝ ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව මුදල් වැය කර ඇතැයි ද කීවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment