ස්විස්ටර්ලන්තයෙන් පැමිණි බෑණා නැන්දම්මාගේ ඉඩමට විදින්න හදලා

650

යාපනයේ නාවලර් පාරේ පදිංචි කාන්තාවක් සතු රුපියල් කෝටි හතහමාරක් වටිනා ඉඩමක් හා දේපළක් වංචනික ලෙස ලබා ගැනීමට උත්සාහ කළ එම කාන්තාවගේ බෑණකු සම්බන්ධයෙන් යාපනය පොලිසිය විමර්ශනයක් අරඹා තිබේ.

එම කාන්තාවගේ වැඩිමල් දියණිය සමග විවාහ වී සිටින මෙම පුද්ගලයා ස්විස්ටර්ලන්තයේ රැකියාවක් කරන අතර ඔහුගේ බිරිඳගේ නැගණිය යාපනයේ රජයේ කාර්යාලයක සේවිකාවකි.

ස්විස්ටර්ලන්තයේ සිට නිවාඩුවකට පැමිණි කාන්තාවගේ බෑණා සිය නැන්දණියගේ හා නෑනාගේ අත්සන් ව්‍යාජ ලෙස ගසා එම නිවස හා නිවසට අයත් සෙසු දේපළ ඔහු නමට තනිවම පවරා ගැනීමට උත්සාහ කොට තිබේ.

අදාළ ලිපි ලේඛන සම්බන්ධයෙන් සැකයක් මතු වූ අවස්ථාවේදී යාපනය දිසාපති කාර්යාලයේ ඉඩම් අංශයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත. පොලිසිය පවුලේ සෙසු උදවියගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී හෙළි වී ඇත්තේ ඔහු විසින් සකසන ලද සියලුම ලිපි ලේඛන ව්‍යාජ ඒවා බවයි. එම වංචාව කළ පුද්ගලයා යළිත් සිය රැකියාව සඳහා ස්විස්ටර්ලන්තයට ගොස් සිටින නිසා පොලිසියට ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හෝ ඔහුව අත් අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නොමැත.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment