හැම වෙලාවේම හැම කෙනකුටම නිසි රැකවරණය ලැබෙන්නේ නැහැ – නදීෂා හේමමාලි

268

මේ මුළු ජීවිතේම ලොකු අභියෝගයක්

ලාංකීය කලා ක්ෂේත්‍රයේ එදා මෙදා තුර රිදී තිරය සහ පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගන්නට වාසනාවන්ත වූ ප්‍රතිභාපූර්ණ, චරිතාංග, දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින් අපට ඇයව හඳුන්වන්නට පුළුවන්. ඒ තරුණ රූමත් රංගන ශිල්පිණී නදීෂා හේමමාලියි. බොහෝ කලකට පසුව ඇයව නැවතත් පුංචි තිරය ඔස්සේ දැක ගන්න අපට පුළුවන් වෙලා තියනවා. ඒ මේ දිනවල ෂඔභ නාලිකාව ඔස්සේ සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8.30ට විකාශනය වන අධ්‍යක්ෂක ජගත් මනුවර්ණ ගේ “කොඩි ගහ යට” ටෙලි වෘත්තාන්තය ඔස්සේයි. එහි නදීෂා “ජීවනී” ගේ චරිතයට පණ පොවන අයුරු දැන ගැනීමේ අරමුණින් අපි මෙවර මීවිතට නදීෂාව සම්බන්ධ කර ගත්තා.

නදීෂා මුලින්ම කියමුද “කොඩිගහ යට” ටෙලිනිර්මාණය තෝරා ගන්න තීරණය කළේ ඇයිද කියලා?

පළවෙනිම දේ තමයි ජගත් මනුවර්ණ කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ “රහස් කියන කඳු” චිත්‍රපටයේ ටේ්‍රලර් එක එහෙම මම දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා එයත් එක්ක වැඩ කරන්න මම ආසාවෙන් හිටියේ. කොඩි ගහ යට කියන්නේ ලස්සන කතාවක්. මම හිතුවා මේ නිර්මාණය මට ලොකු වෙනසක් වෙයි කියලා. ඉතින් ඒ නිසා මම තීරණය කරා ඒක භාර ගන්න.

“ජීවනි” වගේ චරිත ඔබට සැබෑ ජීවිතේදීත් මුණගැහිලා තියෙනවද?

ජීවනීව මම දැකලා නැහැ. ඒ අත්දැකීමම තියෙන අය නෙවෙයි, නමුත් ඒ හා සමාන ඒ හා අත්දැකීම් තියෙන ඇතැම් අයව නම් මට හමුවෙලා තියෙනවා.

හැම වෙලාවේම හැම කෙනකුටම නිසි රැකවරණය ලැබෙන්නේ නැහැ - නදීෂා හේමමාලි

තනිවුණ ගැහැනියකට අද සමාජයෙන් නිසි රැකවරණයක් තියෙනවා කියලා හිතනවද?

මෙහෙම දෙයක් තියෙනවා. හැම වෙලාවෙම, හැම කෙනකුටම ඒ නිසි රැකවරණය ලැබෙන්නේ නැහැ. පුද්ගලයාගෙන් පුද්ගලයට ඒක අනිවාර්යෙන්ම වෙනස් වෙනවා. සමාජයේ රැකවරණය කියන එක අපිට මෙහෙමයි කියල කියන්න බැහැ. ඇතැම් අයට දෙමව්පියන් ගේ, සහෝදර සහෝදරියන්ගේ, යහළු යෙහෙළියන්ගේ රැකවරණය ලැබෙනවා. ඒ නිසා රැකවරණයක් ලැබෙන්නෙ නැහැයි කියන්නම බැහැ.

එතකොට පිරිමියකුගේ රැකවරණය නැතුව ගැහැණියෙක් තනිව ජීවත් වෙනව කියන්නෙ ලොකු අභියෝගයක්ද?

මෙහෙමයි, ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට ජීවිතේ විවිධ අභියෝගවලට මුහුණ පාන්නට සිදුවෙනවා. මේ මුළු ජීවිතේම ජීවත් වෙනවා කියන්නෙම ලොකු අභියෝගයක්. ඒ නිසා ජීවත් වෙනකොට සෑහෙන හැලහැප්පීම් වලට, අභියෝගවලට, මුහුණ දෙන්න සිද්ධවෙනවා. ඒ දේවල්වලට නොබියව මුහුණ දෙන්න ඕනෑ. එතකොට කිසිම කෙනෙක්ට කිසිම කෙනකුගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලලා පරිස්සමින් ජීවත් වෙන්න පුළුවන් නම් ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන් වෙනවා.

හැම වෙලාවේම හැම කෙනකුටම නිසි රැකවරණය ලැබෙන්නේ නැහැ - නදීෂා හේමමාලි

“ජීවනී” වගේ චරිත සමාජයේ ජීවත් වෙනවා. ඒ අයට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද?

මෙහෙමයි” මේක මගේ පෞද්ගලික අදහස. අපි හැම වෙලාවෙම ශක්තිමත් වෙන්න ඕනෑ. මොකද අපි හැමෝම ජීවත් වෙන්නෙ තමන්ගේ ජීවිතේ ඇතුලේ. අනෙක් අය කියන දේවල්වලට හැම වෙලාවෙම අපි ඇහුම්කන් දෙන්න ගියොත්, ඒ අය කියන දේවල්වලට බයේ ජීවත් වෙන්න ගියොත්” තමන්ට කවදාවත් තමන්ගේ ජීවිතේ තමන්ට වුවමනා විදියට ජීවත් වෙන්න බැරිවෙනවා. ඒ නිසා මම නම් කියන්නෙ ලොකුම දේ තමයි කිසිම දේකට නොබියව” තමන් ශක්තිමත්ව” නිවැරදි මනසින් ජීවිතයට මුහුණ දිය යුතුයි කියලා.

ජීවනී ගේ චරිතය කරද්දි නදීෂාට ආපු අභියෝග මොනවාද?

මෙහෙමයි” ඒ චරිතයේ මට ආපු ලොකුම අභියෝගය තමයි මම මුලින්ම ජීවනීව හඳුනා ගන්න එක. ඉතින් ඒක ලොකු අභියෝගයක් වුණා. ඒකට මම මේ චරිතය ප්‍රතිනිර්මාණය කරද්දී ලොකු පිටිවහලක් ලැබුණා අධ්‍යක්ෂවරයාගේ සිට කොඩිගහ යට නිර්මාණයට දායක වනු සියලුම දෙනාගෙන්.

දර්ශන තලයේ දී ඔබ කාවහරි අනුකරණය කළා ද?

නැහැ. මෙහෙම දෙයක් තියනවා මම දැකපු” කියවපු ජීවනීගේ චරිතයේ ගුණාංග” ලක්ෂණ ආදිය මට යම්තාක් දුරට අනුකරණය කරන්න” අධ්‍යක්ෂවරයාගේ සිතැඟි පරිදි යම් තැනකදී ඒ දේට සමාරෝපණය වෙන්න සිද්ධවෙනවා. අනෙක් එක අපි ෂූටිං ගියාම ඒ ප්‍රදේශයේ විදිහට ස්වභාවිකවම ඒ චරිතයට හැඩගැහෙනවා. ඉතිං ඒ ඇසුරෙන් තාත්විකව රංගනයේ යෙදෙන්න පුළුවන් වෙනවා. අන්න ඒ ලබන අත්දැකීම නම් ලොකු පිටිවහලක් වුණා කියන්න පුළුවන්.

නදීෂා බොහෝ කලකට පසුවයි ටෙලි වෘතාන්තයකින් දකින්නට ලැබෙන්නේ. දැන් ආරාධනා ලැබෙන්නේ අඩුවෙන් ද?

නැහැ. මට ගොඩක් ආරාධනා ලැබෙනවා චිත්‍රපට” ටෙලිනාට්‍ය සහ වෙළෙඳ දැන්වීම්වලට. හැබැයි මම ඒ හැම එකක්ම කරන්න කැමති නැහැ. තෝරා බේරාගෙන තමයි නිර්මාණ භාර ගන්නෙ. මොකද මුලින්ම මම කැමැති වෙන්න ඕන. මොකද මගේ තියෙන කොන්දේසිවලට අනුව ඊට උචිත දෙයක් වුණොත් ඒක මම සතුටින් භාරගන්නවා. මම කිසිම නිර්මාණයක් අකමැත්තෙන් භාර ගන්නෙත් නැහැ” කරන්නෙත් නැහැ.

හැම වෙලාවේම හැම කෙනකුටම නිසි රැකවරණය ලැබෙන්නේ නැහැ - නදීෂා හේමමාලි

පිටපතක් තෝරා ගනිද්දී බලන ගුණාංග මොනවද?

මෙහෙමයි” මම මුලින්ම බලන්නේ මට ඕන ගුණාංග මොනවද කියලා නෙවෙයි. ඒ චරිතය ගොඩනැඟිලා තියෙන්නේ කොහොමද? චරිතය ගලා යන්නේ කොහොමද? ආදිය පිළිබඳව නිරීක්ෂණය කරලා තමයි මම බලන්නේ මේක මට කරන්න පුළුවන් දෙයක් ද කියලා. තව මේ නිර්මාණයෙන් සමාජයට දෙයක් දෙන්න පුළුවන්ද කියලත් බලනවා.

“කොඩි ගහ යට” ජීවනී ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?

බොහොම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ගොඩක් දෙනා සතුටු වෙලා තියෙනවා මම කාලෙකට පස්සේ නිර්මාණයකට සම්බන්ධ වුණ එකට. එදත් අදත් වෙනසක් නැතිව තවමත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුවම මට ලැබෙනවා. ඒ ලැබෙන ආදරේට මමත් හරිම ආදරෙයි. ඉතින් මට ඇත්තටම සතුටුයි මම හොඳ තීරණයක් ගත්තා කියලා මේ නිර්මාණයට දායක වෙලා.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment