ඩයලොග් ලීග් රග්බි  ප්‍රමුඛ පෙළ තරග අද සිට

112

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කර ඇති ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ප්‍රමුඛ පෙළ ‘ඒ’ කොටස තරග ආරම්භ කරමින් මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර තරගය අද (23) ප.ව. 4.15 ට කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහක ශක්තිය ඇතිව මෙවර තරගාවලිය සංවිධානය කර ඇති අතර දිවයිනේ ප්‍රමුඛතම පාසල් 12 ක සහභාගිත්වයෙන් තරගාවලිය ක්‍රියාත්මක කෙරේ.

මෙවර ඩයලොග් ලීග් ශූරතා වයස අවුරුදු 20 න් පහළ රග්බි පාපන්දු තරගාවලියේ මූලික වටය ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ 02 ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සංවිධායකයින් වන ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය පියවර ගෙන තිබේ

ඒ අනුව ‘ඒ’ කාණ්ඩය යටතේ කොළඹ රාජකීය විදුහල, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල, මහනුවර ත්‍රිත්ව විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල, කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල තරග වදින අතර ‘බී’ කාණ්ඩය යටතේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොළඹ වෙස්ලි විදුහල, කොළඹ ඉසිපතන විදුහල, ගල්කිස්ස විද්‍යා විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල තරග බිමට අවතීර්ණ වීමට සුදුසුකම් ලබා සිටියි.

මෙම සති අන්තයට නියමිත තරග කාල සටහන පහත දැක්වේ. සෑම තරගයක්ම ප.ව. 04.15 ට ආරම්භ කෙරේ.

2022.06.23

ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී.

2022.06.24

රාජකීය විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹ රාජකීය පිටියේදී

ඉසිපතන විදුහල සහ විද්‍යා විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී

2022.06.25

සාන්ත පීතර විදුහල සහ ධර්මරාජ විදුහල අතර බම්බලපිටිය ශාන්ත පීතර ක්‍රීඩාංගණයේදී

වෙස්ලි විදුහල සහ විද්‍යා විදුහල අතර තරගය ලොන්ඩන් පෙදෙස සී.ආර්. පිටියේදී

ත්‍රිත්ව විදුහල සහ සාන්ත තෝමස් විදුහල අතර තරගය පල්ලේකැලේ පිටියේදී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment