පොලිස් ලොක්කන් 18 දෙනකුට මාරුවීම්

107

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 18 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත.

ජාතික පොලිස් කොමිසමේ නියෝග මත මෙම මාරුවීම් ක්‍රියාත්මක කර තිබේ. මාරු කර යැවූ නිලධාරීන් මෙසේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ප්‍රියන්ත වීරසූරිය උතුරු මැද පළාත භාරවත්, සජීව මැදවත්ත පුහුණු සහ උසස් පුහුණු භාරවත්, රන්මල් කොඩිතුවක්කු අපරාධ හා රථවාහන භාරවත්, රාජිත ශ්‍රී දමින්ද පොලිස්පති සහායක සේවා කේ. පී. එම්. ගුණරත්න බස්නාහිර පළාත භාරවත්, අසංක කරවිට ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන කලාපයත්, මහේෂ් සේනාරත්න දකුණු පළාත භාරවත්, ටී. සී. ඒ. ධනපාල උතුරු පළාත භාරවත් පත්කර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර ලියනගේ විශේෂ කාර්යාංශ දිසාව භාරව පත් කර තිබේ.

මාරුකර යවා ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් මෙසේය. අනුරුද්ධ බණ්ඩාරනායක මහනුවර කොට්ඨාශය භාරවත්, ඒ. ජී. යූ. සී. හේරත් කුරුණෑගල කොට්ඨාස භාරවත්, මංගල දෙහිදෙනිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරවත්, ප්‍රසන්න බ්‍රාහ්මණ ගල්කිස්ස කොට්ඨාශය භාරවත්, සමන් රත්නායක පානදුර කොට්ඨාශය භාරවත්, යූ. බී. පලිහවඩන මහනුවර නියෝජ්‍ය පොලිස්පති පුද්ගලික සහකාර ලෙසත්, කාවින්ද ජයසේකර කළුතර කොට්ඨාශය භාරවත්, එම්. එස්. වෙදගේ තෙල්දෙණිය කොට්ඨාශය භාරවත්, පොලිස් අධිකාරී එරික් පෙරේරා මීගමුව කොට්ඨාශය භාරවත් පත් කර ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment