82 වැනි ජන්ම දිනය සමරන අස්ගිරි මහනාහිමි චිරං ජයතු

46

මහාවිහාර වංශික ස්‍යාමොපාලී මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ උත්තරීතර මහානායක පදවිය හොබවන අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤානරතනාභිධාන මහනායක මාහිමිපාණන් වහන්සේගේ 82 වැනි ජන්ම දිනය අදට (18 දා) යෙදී ඇත.

1942 මාර්තු මස 18 වන දින ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ වරකාගොඩ නැමැති නයානාභිරමණීය සුන්දර ගම්මානයේ සිල්වත් ගුණවත් දෙමාපිය දෙදෙනකුගේ අතිජාත පුත්‍ර රත්නයක් වශයෙන් සංවරශීලී දැහැමි ගුණවත් පවුල් පරිසරයක හැදී වැඩී බාලවියේදී ගමේ විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන් ඇසුරු කිරීම තුළින් තමන්ට ද මහණකම පිළිබඳ කැමැත්තක් ඇතිවිය. දෙමාපියන් ද තමන්ගේ දරුවකු ශාසනයට පූජා කිරීමේ පුණ්‍යකර්මයෙහි ආනිශංසය ගැන සිතා තම දයාබර පුතණුවන් ශාසනයට ඇතුළත් කිරීමට කැමැත්ත දැක්වූහ. එනිසාම උන්වහ්නසේට ආදරණීය දෙමාපිය හා පවුලේ සැමගේ ආශිර්වාදය ඇතුව වර්ෂ 1955 අප්‍රේල් මස 07 දින අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී වරකාගොඩ ඤානරතන නාමයෙන් පැවිදි ජීවිතයට ඇතුළත් වීමට භාග්‍ය ලැබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment