ලියාපදිංචි නැති හෙදියක සේවයේ යෙදවූ පෞද්ගලික රෝහලකට නඩු

1095

ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවූ විකිරණ ශල්පියකු හා ශ්‍රී ලංකා හෙද සභාවේ ලියාපදිංචි නොවූ හෙදියක සේවයේ යෙදවීමෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගියකුට අනතුරක් කළේ යැයි චෝදනා කරමින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

පුහුණු වෛද්‍ය සේවක පිරිසකගෙන් යුත් කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යා යුතුය යන ලියාපදිංචි කොන්දේසිය කඩ කිරීම යන චෝදනා යටතේ පවරා ඇති එම නඩුවේ සෙසු සැකකරුවන් ලෙස නුපුහුණු විකිරණ ශිල්පියකු වන සරත්චන්ද්‍ර අලගහවත්ත සහ නුපුහුණු හෙදියක යැයි කියන නිමාලි මධුකා විජේසේකර නම් කර ඇත.

කොළඹ 3 ආර්. ඒ. ද මැල් මාවතේ පදිංචි ජනක මහීෂ මීගමගේ මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පවරා ඇති එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි කරුවන් ලෙස ලංකා වෛi සභාවේ ලේඛකාධිවරයා, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කොමිෂන් සභාවේ ලේකම්වරයා ඇතුළු නව දෙනෙකු නම් කර ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment