නිලාවේලි ගැටුම බේරන්න ගිය පොලිස් සැරයන්ට ගහලා

66

ත්‍රිකුණාමලය නිලවේලි මුහුදු වෙරළේ (පෙරේදා 4දා) දෙපාර්ශ්වයක් අතර සිදුවූ ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය නිලාවේලි පොලිසියේ සැරයන්වරයකු පහරදීමකට ලක්වී ත්‍රිකුණාමල රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සැරයන්වරයාට පහරදුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

නිලාවේලි මුහුදේ මෙම පිරිස නාමින් සිටියදී මෙම ආරවුල සිදුවී ඇත. එය දුටු සැරයන්වරයා දෙපාර්ශ්වයම සමථයකට පත් කිරීමට යද්දී එක් පාර්ශ්වයක පුද්ගලයකු සැරයන්වරයාට පහරදී ඇතැයි ත්‍රිකුණාමල පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන, සමන් මල්ලවාරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment