බෝම්බ ප්‍රහාර වාර්තාව ටීඅයිඩීයම අස්කර ගනී

182

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි ස්ථාන කිහිපයක් ඉලක්ක කොට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ලවිය හැකි බව කියමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් පෙරේදා (04 දා) අධිකරණයට ඉදිරිපත් කොට තිබූ තොරතුරු වාර්තාව එම කොට්ඨාසය විසින්ම ඊයේ (05දා) ඉල්ලා අස්කර ගන්නා ලදි. අධිකරණයේ සිට බන්ධනාගාර බස් රථයකින් බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටි එක්තරා සැකකරුවකු බස් රථයේ කවුළුවකින් පිටතට විසිකළ තුණ්ඩු කැබැල්ලක් ඔස්සේ සිදුකළ විමර්ශන අනුව තම කොට්ඨාසය විසින් එම ප්‍රහාර මාලාවක් පිළිබඳව අධිකරණයට වාර්තා කළත් සිදුකළ වැඩිදුර විමර්ශන අනුව එවැනි ප්‍රහාර මාලාවක් පිළිබඳව සනාථ කළ හැකි සාක්‍ෂි ඉදිරිපත්වී නැතැයි අධිකරණයට පැවසූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පෙර ඉදිරිපත් කළ වාර්තාව ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (05දා) අවසර ලබා දුන්නේය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පෙරේදා (04 දා) ඉදිරිපත් කළ මුල් වාර්තාව සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඊයේ (05දා) දිනය ඇතුළත ඒ පිළිබඳව සවිස්තරව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කොට තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment