සුජය, කැන්ඩොස්, BOC රන් කැකුළු අවසන් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද බණ්ඩාරවෙල නගර ශාලාවේදී

38

සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 2023 වසරේ අවසන් ශීෂ්‍යත්ව සම්මන්ත්‍රණය ඔක්තෝබර් 6 වැනි සිකුරාදා (අද) බණ්ඩාරවෙල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය. අනාගතයට අධ්‍යාපනයෙන් පිරිපුන් දරු පරපුරක් බිහි කිරීමට පුරෝගාමීව කටයුතු කරන උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මෙම සත්කාරයට බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ ආරාධිත පාසල් රැසක 5 ශ්‍රේණිය සිසු සිසුවියන් සහභාගි වේ. බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා ගයේෂා රණසිංහ මහත්මියගේ අනුමැතියෙන් සහ බ/ශාන්ත ජෝසප් ජාතික පාසලේ විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් සුජය, කැන්ඩොස්, BOC, රන් කැකුළු ශිෂ්‍යත්ව අවසන් සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

BOC රන් කැකුළු පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් සහ සිලෝන් චොක්ලට් (කැන්ඩොස්) සමාගමේ අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වෙන මෙම අවසන් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශන මෙහෙයවීම කොළඹ ආනන්ද, ඉසිපතන, විශාඛා විද්‍යාලයන්හි හිටපු ආචාරිනී ගංගා සුභාෂිණි බ්‍රහ්මණ ගුරුතුමිය, කුරුණෑගල ආරක්‍ෂක සේවා විද්‍යාලයේ ආචාර්ය ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක අමිල ප්‍රසාද් ජයසේකර ගුරුතුමා සහ බ/ශාන්ත ජෝසප් ජාතික පාසලේ ආචාර්ය ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක ජේ.ඩබ්.ජී.ඩී.එස්.ජී. ජයලත් ගුරුතුමා විසින් සිදුකිරීමට නියමිතය. ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමගාමීව පැවැත්වෙන දෙමාපිය දැනුම්වත් කිරීමේ දේශනය ගුරු උපදේශිකා ප්‍රවීණ නාට්‍යවේදිනී ප්‍රියංවදා ගොඩගේ මහත්මිය විසින් සිදුකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment