රුහුණු – මායා මැදි මහා එක් දින ක්‍රිකට් ගැටුමේ ජය හේනේගමට

89

හේනේගම මධ්‍ය විදුහල හා හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහ විදුහල අතර ‘රුහුණු – මායා’ මැදි මහා එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 72 ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට හේනේගම මධ්‍ය මහ විදුහල සමත් විය. මේ තරගය පසුගිය 01 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

එහිදී කාසියේ වාසිය හිමි කර ගෙන පළමුව පන්දුවට පහරදුන් හේනේගම කණ්ඩායම ඕවර් 50 කදී කඩුලු 08 කට ලකුණු 206 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු වශයෙන් හික්කඩුව ශ්‍රී සුමංගල කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ඕවර් 44 යි පන්දු 03 කදී සියල්ලන් දැවී ලකුණු 134 ක් පමණි.

ලකුණු සාරාංශය

හේනේගම කණ්ඩායම කඩුලු 08 කට ලකුණු 206 යි

තමිදු ප්‍රමෝද් ලකුණු 80 යි, මිතිල විශ්වජිත් ලකුණු 30 යි, මන්දීප නිම්සර ලකුණු 25 යි.

ශානුක දෙනුවන් ලකුණු 32 කට කඩුලු 02 යි. තරුති දම්සිත් ලකුණු 25 කට කඩුලු 02 යි, විනෝද් ධනුෂ්ක ලකුණු 39 කට කඩුලු 02 යි.

හික්කඩුව ශ්‍රී සුමංගල කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 134 යි

ශානුක දෙනුවන් ලකුණු 21 යි.

මිතිල විශ්වජිත් ලකුණු 13 කට කඩුලු 02 යි, කුසල් ජයසංක ලකුණු 14 කට කඩුලු 02 යි, කසුන් මධුභාෂණ ලකුණු 32 කට කඩුලු 02 යි, පසිඳු තීක්ෂණ ලකුණු 23 කට කඩුලු 02 යි.
දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment