අයිස් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

106

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 සහ 31 හැවිරිදි වියේ පසුවන සේදවත්ත සහ මට්ටකුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇතග

වත්තල පොලිස් වසමේ හැඳල ඇළකන්ද ප්‍රදේශයේදී මෙම සැකකරුවන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය පොලීසිය සිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 336ක් පොලීසිය සොයාගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment