යුක්රේන් ආරක්‍ෂක අමාත්‍යාංශයට සහ බැංකුවලට බරපතළ සයිබර් ප‍්‍රහාරයක්

425

* ඇමරිකානු හමුදා සේනාංකයක් ස්ලෝවේනියාවට

යුක්රේනයේ ආරක්ෂක අමාත්‍යාංශය ආරක්ෂක හමුදා කේන්ද්‍රස්ථාන සහ ප‍්‍රධාන බැංකු ජාලයට බරපතළ සයිබර් ප‍්‍රහාරයක් එල්ලවීමෙන් එම ආයතනවල කටුතුවලට බාධා ඇතිව තිබේ. මෙය රුසියාව එල්ල කළ හයිබි‍්‍රඞ් ප‍්‍රහාරයක් බවට සැක කෙරේ. රුසියානු හමුදා යුක්රේන දේශසීමාවෙන් ඉවත්වීමට තීරණය කළ බවට වාර්තාවීමෙන් පසු මෙම සයිබර් ප‍්‍රහාරය එල්ලවී ඇත. මේ අතර ඇමරිකානු ජනපති ජෝ බයිඩන් පැවසුවේ යුක්රේනය ආක‍්‍රමණය කිරීම ගැන රුසියාව එල්ල කරන තර්ජනය තවදුරටත් පවතින බවයි. ඔහු මෙම සයිබර් ප‍්‍රහාරය ගැන කිසිදු ප‍්‍රකාශයක් කර නැත.

යුක්රේනය ආක‍්‍රමණය නොකරන බව ජනපති පුටින් පැවසුවත් දැවැන්ත යුධ ටැංකි දුම්රියවලට පටවන අයුරු වාර්තාවී තිබේ. මේ පසුබිම මැද ඇමරිකානු භටයින් ජර්මනියේ සිට ස්ලෝවේනියාවට පැමිණ ඇත. ඊට සමගාමීව යුරෝපා රටවලට අයත් යුද්ධ නැව් කීපයක්ද මධ්‍යධරණී මුහුදට ප‍්‍රවිෂ්ඨ වී තිබේ. යුක්රේන මාධ්‍ය හෙළි කළේ එරට ප‍්‍රධාන බැංකු දෙකකට එල්ලවූ සයිබර් ප‍්‍රහාරයෙන් මූල්‍ය කටයුතු අඩපණවී ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment