වයසට යනවිට වැහැරෙන රුව පණ ගන්වන රනින් කළ චීන කටු ප්‍රතිකාරය

190

කිසිදු වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයකට වයසට යෑම නතර කළ නොහැකිය. නමුත් වයසට යනවිට සිරුරේ ඇතිවන හිසකෙස් පැසීම, සම රැළි වැටීම, සමේ දීප්තිමත් බව අඩුවීම, ලිංගික දුබලතාවය ආදිය පාලනය කළ හැකිය. ඒ සඳහා සාර්ථක වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට චීන කටු චිකිත්සාව මේ වනවිට ඔප්පු වී ඇත.

ඒ සඳහා රනින් කළ කටු (Gold Needle) තඹ කටු (Copper Needle) රිදී කටු (Silver Needle) යන චීන කටු චිකිත්සක ප්‍රතිකාර ක්‍රම භාවිත කරති.

රනින් කළ කටු වර්ගයක් සහ මළ නොබැඳෙන වානේ කටු වර්ගයක් භාවිත කර මීට වසර දහස් ගණනකට පෙර රූපාලංකාර ප්‍රතිකාර කළ බවට චීනයේ සොහොනකින් සොයාගත් සාක්ෂි අනුව හෙළි වී ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාවේද රනින් කළ කටු භාවිත කරමින් රූපාලංකාර ප්‍රතිකාර චීන කටු චිකිත්සාව සිදුකරනු ලබයි.

රනින් කළ කටු භාවිත කර සිදුකරන ප්‍රතිකාර

කැරට් 22න් සෑදූ රනින් නිම කළ කටු භාවිත කර සිදුකරන ප්‍රතිකාර මඟින් වයසට යෑම නිසා සමේ ඇති වූ රැළි ඉවත් කිරීම, සමේ ඇති වූ අව පැහැගැන්වීම ආදිය යළි යථා තත්ත්වයට පත් කළ හැකිය.

ඒ සඳහා සිරුරේ අදාළ නිල ස්ථාන රනින් කළ කටු මඟින් තෙරපීමේදී රුධිර සංසරණ පද්ධතිය, වසා පද්ධතිය ආදී අභ්‍යන්තර ක්‍රියාකාරී පද්ධතීන් උත්තේජනයට ලක් වේ. එවිට සම පැහැපත්වීම, රැලි නැතිවීම, හිසකෙස් දීප්තිමත් වීම ආදිය සිදු වේ.

චිකිත්සාවේදී සිරුරේ තෝරාගත් මෙම කටු නිල තෙරපුම සඳහා භාවිත කරන රන් කටු ප්‍රතිකාරය වේදනා රහිතය. මෙහිදී සිදු කරන්නේ සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමකි. එනිසා වෙනත් අතුරු ආබාධ ඇති නොවේ. සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය වීම නිසා සමේ පැහැය වැඩිකරන කොලොජන් නිෂ්පාදනය වැඩි වේ.

මෙහිදී ක්ෂණිකව ප්‍රතිඵල නොලැබේ. කටු චිකිත්සාව මඟින් නිල තෙරපුම් වාර 4ත් 08ත් අතර ගණනක් සිදුකරන විට වියපත් වූ සම යළි පැහැපත් වීමට පටන් ගනී.

එවිට මුහුණේ ඇතිවූ රැලි ගතිය, ඇස් යට කළුවීම, බෙල්ලේ ඇතිවූ රැලි, හිසකෙස් සුදුවීම ආදිය පාලනය වීමට පටන් ගනී.

මෙම ප්‍රතිකාර ලබාගන්නා අතර පෝෂ්‍යදායී ආහාර ද දිනපතා ලබාගත යුතුය. එහිදී විශේෂයෙන්ම කොළ පැහැති එළවළු, පලාවර්ග, පලතුරු ආදිය ආහාරයට ගත යුතුය. බිත්තර, මස් වර්ග ආදිය ආහාරයට ගැනීමෙන් ප්‍රෝටීන් ලබාගත හැකිය. දිනකට ජලය ලීටර් 2 1/2ක් වත් පානය කළ යුතුය. එවිට කටු චිකිත්සාව මඟින් සිරුරේ නැවත ඇති කරන උත්තේජනය දිගු කලක් පවත්වාගත හැකිය.

එවිට වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගත හැකිය.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0714299777 ඇමැතිය හැකිය.

වයසට යනවිට වැහැරෙන රුව පණ ගන්වන රනින් කළ චීන කටු ප්‍රතිකාරය

කළුබෝවිල ද සිල්වා පාර
ජය සමගි මාවත
කළුබෝවිල චීන කටු
වෛද්‍ය සායනයේ අධ්‍යක්‍ෂ සහ වෛකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ
මාධ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment