බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය පැසිපන්දු ශූරියෝ වෙති

65

ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සම්මේලනය සංවිධානය කළ වයස අවුරුදු 20 න් පහළ සමස්ත ලංකා පැසි පන්දු තරගාවලියේ ශූරතාවය නොකඩවා හතරවන වරටත් අත් කර ගැනීමට බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය සමත්විය.

එම විදුහල් පැසිපන්දු පිටියේ දී ඉකුත් සිකුරාදා 19දා පස්වරුවේ පැවැති අවසාන මහා තරගයේදී කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය තියුණු තරගයකින් ලකුණු 49 – 58කින් පරාජය කිරීමට කාව්‍යා රියාල්ගේ නායකත්වයෙන් යුත් බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය ක්‍රීඩිකාවන් ට හැකි විය.

එම අවසාන තරගයේ පළමු අර්ධයේදී සොනාලි පෙරේරාගේ නායකත්වයෙන් යුත් කොටහේන යහපත් එf`ඩ්රාගේ කන්‍යාරාමය, ලකුණු 23 -21 කින් ඉදිරියෙන් සිටීමද කැපී පෙනුණි.

අවසාන පූර්ව තරගවලදී නුගේගොඩ සාන්ත ජෝශප් බාලිකා විදුහල පරාජය කරමින් ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයත්, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පරාජය කරමින් කොටහෙන යහපත් එඬේරාගේ කන්‍යාරාමයත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූහ.

තරගාවලියේ වටිනාතම ක්‍රීඩ්කාව ලෙස ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ දිහිනි ධර්මදාස, දක්ෂතම ආරක්ෂක ක්‍රිඩිකාව ලෙස එම විදුහලේම බිනුති ජයසිංහ සහ දක්ෂතම ප්‍රතිවාදී ක්‍රීඩිකාව ලෙස යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ නායිකා, සොනාලී පෙරේරා පදක්කම් හා සම්මාන හිමිකර ගත්හ.

තෙවන ස්ථානය සඳහා පැවති තරගයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 28 – 43 කින් පරදවා නුගේගොඩ ශාන්ත ජෝසප් විදුහල ජය අත්කර ගත්තේය.

සේයාරූ සටහන:

  1. ජයග්‍රාහී බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය

අසුන්ගෙන (වමේ සිට දකුණට) – රොෂාන් රන්දිම මහතා (පුහුණුකරු), කාව්‍යා රියාල් (නායක), ඉමාර්ෂි වෑවිට මෙනවිය (ක්‍රීඩා සම්බන්ධීකාරක), ගරු චරිතා තණ්ඩල්ගේ පැවිදි සොයුරිය (විදුහල්පතිනි), රන්දිමා ජයසිංහ මහත්මිය (කණ්ඩායම් භාර ආචාරිනි), කිෂුරි රීස් (උප නායක) සහ ෂේන් ඩැනියෙල් මහතා (පුහුණුකරු)

සිට ගෙන (වමේ සිට දකුණට) – සිනලි ද වාස් ගුණසේකර, සෙනුත්මි ප්‍රනාන්දු, අමායා හෙන්රි, මිනලි සිල්වා, බිනුති ජයසිංහ, ටියාරා ද සිල්වා, මිශේනි පෙරේරා, සචිකා අබේපාල, දිහිනි ධර්මදාස, වෙනිසා ප්‍රනාන්දු, මිනුලි දාබරේරා සහ මෙලීසා නානායක්කාර.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – දිහිනි ධර්මදාස

දක්ෂතම ආරක්ෂක ක්‍රීඩිකාව – බිනුති ජයසිංහ
හැඳල- ජේ. ස්ටැනිස්ලස් පයස්

advertistmentadvertistment
advertistmentadvertistment