තහනම් කළොත් පරිපාලනය අර්ජුනට – ඇමැති රොෂාන් කියයි

487

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර තහනමක් පැනවුවහොත් තමන් අර්ජුන රණතුංග මහතාට ක්‍රිකට් පරිපාලනය භාරදී මාස 06ක කාලයක් තුළ නව ක්‍රීඩා පනතක් සම්මත කරගෙන අලුත් නිලවරණයකට යන බව ක්‍රීඩා, යෞවන හා වාරිමාර්ග ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 දා) කීය.

ඒ අතරතුරදී සියලුම ක්‍රිකට් සංගම් විසුරුවා හැරීමට ද තමන් ක්‍රියාකරන බව ද කී ඇමැතිවරයා ක්‍රිකට් පරිපාලකයන්ට එරෙහිව තමන් නැවතත් ලබන සඳුදා දින අභියාචනාධිකරණයේ පෙනී සිටින බව ද කියා සිටියේය.

අභියාචනාධිකරණයෙන් සහනයක් නොලැබෙන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවත් කියා සිටි ඇමැතිවරයා මෙම නීති කටයුත්තේ දී තමන්ට නීතිපතිවරයා සම්බන්ධයෙන් විශ්වාසය තැබිය නොහැකි බව ද පැවසීය.

එම නිසා තමන් පුද්ගලික නීතිඥ සහාය ලබා ගන්නා බව ද ක්‍රිකට් ආයතනයේ සල්ලි විසින් ඕනම මිනිහකු හෝ ආයතනයක් අල්ලා ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment