මහින්ද කොඩිතුවක්කුට මානසික ප්‍රතිකාර

528

අවලෝකිතේශ්වර බෝධිසත්ව නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නම් පුද්ගලයාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අධිකරණ මනෝ වෛද්‍යවරයා විසින් අධිකරණයට වාර්තා කර තිබේ.එහිදී මෙම සැකකරු ලබන 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළේය.මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.ඒ අනුව සැකකරුට බන්ධනාගාරය මාර්ගයෙන් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙසත් අධිකරණය නියම කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment