පෞද්ගලික දත්ත ආරක්‍ෂණ අධිකාරියට සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය පත් කෙරේ

72

මෙරට පෞද්ගලික දත්ත ආරක්‍ෂා කිරීමේ අරමුණින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පෞද්ගලික දත්ත ආරක්‍ෂණ අධිකාරිය සඳහා සභාපතිවරයකු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

එහි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ අර්නස්ට් ඇන්ඩ් යන්ග් (Ernest Young) ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරිවරයකු සහ හිටපු උපදේශකවරයකු වන අර්ජුන හේරත් මහතා පත්කර සිටියි. රජයේ හිටපු නීතිඥ නිසිත් අබේසූරිය, ජනාධිපති නීතිඥ සෞම්‍යා අමරසේකර, ඩිජිටල් නීති විශේෂඥ හා පෞද්ගලික දත්ත ආරක්‍ෂණ පනත කෙටුම්පත් කිරීමේ කමිටුවේ සභාපති ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය සුලක්‍ෂණ ජයවර්ධන, ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයේ සහතිකලත් විගණක හා තාක්‍ෂණ කළමනාකරණ විශේෂඥ බිම්සර සෙනවිරත්න සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු හා ඩිජිටල් උපාය මාර්ග විශේෂඥ ෂෙහාන් විජේතිලක යන මහත්ම මහත්මීන් අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත්කර තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment