රෝහල් සංකේත වර්ජනය සාර්ථකයි – කුමුදේශ් කියයි

77

රට පුරා රෝහල්වල ඊයේ (24 දා) ක්‍රියාත්මක වූ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන්ගේ සංකේත වැඩ වර්ජනය සාර්ථකව පැවැත්වුණු බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.

ඉල්ලීම් 07 ක් මුල් කර ගනිමින් ඊයේ (24 දා) උදෑසන 8.00 සිට අද (25 දා) උදෑසන 8.00 දක්වා පැය 24 ක කාලයක් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බව එම බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා ‘දිවයින’ට පැවසීය.

සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරනු ලැබූ කාල සීමාවේදී මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සුපුරුදු පරිදි සේවාවන් සැපයූ බවත් එම අංශ මෙම වර්ජනයට දායක කර නොගත් බවත් හෙතෙම සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment