සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ව්‍යසනයට අධ්‍යක්ෂ ජනරාල් වගකිව යුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

81

මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින ව්‍යසනකාරී තත්ත්වයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පූර්ණ ලෙස වගකිව යුතු බව කොළඹ ජාතික රෝහලේ නියෝජය අධ්‍යක්ෂ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නිතිපතා පවතින වැඩ වර්ජන හේතුවෙන් රෝහල් කරා පැමිණෙන ජනතාව දුක් විඳින බවත් පැරැණි මුට්ටි ගඟේ දමමින් ධම්මික පැණිය ප්‍රවර්ධනය කළ හිටපු සෞඛ්‍ය ඇමැතිනියගේ පත්කිරීමක් වන වත්මන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් රටේ සෞඛ්‍ය සේවය බේරා ගැනීමට සිදුව ඇතැයි ද ඊයේ (24 දා) මාධ්‍යයට අදහස් දක්වමින් වෛද්‍ය වරයා කියා සිටියේය.

සෞඛ්‍ය සේවය පවතින්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මත බැවින් ඔහු එය නොසලකා කටයුතු කිරීමෙන් මෙම ව්‍යසනකාරී තත්ත්වය උද්ගතව ඇතැයි ද පැවසූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සාධාරණ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පැවැත් වූ එක්දින සංකේත වැඩ වර්ජනයට තමන්ද සහාය පළකරන බවද වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්ත්සර

advertistmentadvertistment
advertistmentadvertistment