මාස අටක් වයසැති දරුවාත් බිරිඳත් තනිකර තරුණියක සමග ඩෙඟා නැටූ සැකකරු මාට්ටු

877

බිරිඳගේ හොඳම යෙහෙළිය නොමග යවා ඇය සමග අඹුසැමියන්සේ කල්ගෙවූ මාස අටක් වයසැති බිළිදකුගේ පියා බිරිඳගේ පැමිණිල්ල මත කුරුණෑගල මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක්මත වහා ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරීන් කුරුණෑගල හෙරළියාවල කර්මාන්තපුර ප්‍රදේශයේ ඉබියතුරු දමා ගේට්ටු වසාගෙන තිබෙන නිවසක් පරීක්ෂා කිරීමේදී අනියමි අඹුසැමි යුවළ අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි.

මාස අටක් වයසැති බිළිඳාගේ පියා වන සැකකරුගේ වාරියපොල කටුපොත පදිංචි නීත්‍යානුකූල බිරිඳ (22) විසින් කුරුණෑගල යන්තමිපලාව ප්‍රදෙශයේ පදිංචි සිය සැමියා (32) හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි (21) ලාබාල තරුණියක් සමග හෙරලියාවල ප්‍රදේශයේ නිවසක අඹුසැමියන් ලෙස තමන්ට හොරා රහසිගතව සිටින බවට පොලිසියට පැමිණිලිකර තිබිණි. සැකකාර තරුණිය සහ පැමිණිලිකාර බිරිඳ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කාර්යාලයේ සේවයකර තිබේ. එහිදී එම හැඳුනුම්කම මත පැමිණිලිකාර කාන්තාවගේ යෙහෙළිය සමග මෙම අනියම් සම්බඳතාව පවත්වා තිබේ.

අනියම් බිරිඳ කුරුණෑගල ප්‍රදේශයේ රැකියාවක් කරන බව පවසා සවස් යාමයේ හෙට්ටිපොළ දෙමාපියන් සිටින නිවසට යන බවද පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇත.

කටාර් දේශයේ පැවති පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ තාවකාලික රැකියා අවස්ථාවක් ලබාගෙන ගිය විවාහක පුද්ගලයකුවන මෙම සැකකටයුතු එක්දරු පියා තරඟාවලිය අවසන් වීමෙන් පසුව බිරිඳට නොදන්වා ආපසු ලංකාවට පැමිණ බිරිඳගේ මිතුරිය සමඟ පවුල් කා තිබේ.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment