ඖෂධ මිල 29% කින් ඉහළට – චන්න පාර්ලිමේන්තුවේදී කියයි

113

පිළිකා – වකුගඩු බෙහෙත් මිල වැඩිවීම අවම මට්ටමකින්

රජය සතුව මාස 6කට බෙහෙත් තියෙනවා

ඩොලරයේ අගය ඉහළ යෑමට සමානුපාතිකව මෙරට ඖෂධ මිල සියයට 29 කින් ඉහළ නංවන බව ඖෂධ නිෂ්පාදන නියාමන හා සැපයුම් පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා) පැවසීය.

මෙහිදී පිළිකා, වකුගඩු ඇතුළු නිදන්ගත රෝගීන් සඳහා අවශ්‍ය කෙරෙන බෙහෙත් ද්‍රව්‍යවල මිල වැඩිකිරීම අවම මට්ටමකින් සිදුකිරීමට රජය වගබලා ගත් බව ද හෙතෙම සඳහන් කළේය.

ඖෂධ මිල ඉහළ යනු ඇතැයි විශ්වාසය මත බොහෝ පෞද්ගලික ඖෂධ වෙළෙඳුන් ඖෂධ හිඟයක් ඇති කිරීමට ක‍්‍රියා කළ නමුත් පුද්ගලික අංශය සතුව ඉදිරි මාස 04කට අවශ්‍ය ඖෂධ තොග ඇති බව ද කී ඇමැතිවරයා රජය සතුව ඉදිරි මාස 06 ක් සඳහා ඖෂධ තොග ඇතැයි ද කියා සිටියේය.

කෙසේ වෙතත් සියයට 29 කින් ඉහළ නැංවීම මත පෞද්ගලික ඖෂධ වෙළෙඳුන් තමන් සතු තොග වෙළෙඳපොළට නිකුත් කරනු ඇති බවත් එසේ වුවහොත් මෙම සති අන්තය වන විට ඖෂධ සම්බන්ධයෙන් දැන් පවතින හිඟය අවසන් වී යනු ඇති බවත් හෙතෙම කීය.

ඖෂධ ආනයනකරුවන් ගබඩා පහසුකම්, ප‍්‍රවාහන හා වැටුප් වැඩි කිරීම් ආදී ගැටලූ පිළිබඳ කියමින් ඖෂධ මිල සියයට 35, 40, 50 ආදී වශයෙන් වැඩි කළ යුතු බවට ද විවිධ ඉල්ලීම් කළ බව ද එම ඉල්ලීම් නොතකා ඉතා අවම මට්ටමකින් මිල වැඩි කිරීමට ක‍්‍රියා කළ බව ද ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව ඊයේ දහවල් රැුස්වූ විශේෂඥ වෛi පාලිත අබේකෝන් මහතා ප‍්‍රමුඛ මිල පාලන කමිටුව විසින් මෙලෙස ඉතා අවම මට්ටමකින් ඖෂධ මිල ඉහළ නැංවීමට අවසර දුන් බව ද හෙතෙම කියා සිටියේය.

මෙරටට ඖෂධ ගෙන්වීමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීම පසුගිය සති දෙක තුළදී යම් ප‍්‍රමාදයක් වුවද මේ වන විට එම ප‍්‍රමාදය වැළැක්වීමට ද ක‍්‍රියාකර ඇති අතර හිතුමතේ ඖෂධ මිල ගණන් වැඩි කිරීමට අවස්ථාව ලබා නොදෙන බව ද චන්න ජයසුමන මහතා වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment