අන්තරේට අද අධිකරණ නියෝගයක්

402


අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹ දී අද සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.

ඒ අනුව උද්ඝෝෂකයින්ට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, අගමැති කාර්යාලයට, ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය නිකුත් කර තිබේ.

රාජ්‍ය නිලධාරීන්ට අයුතු අවහිරයක් සිදුනොකරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මහජනතා‍වට ද අයුතු අවහිරයක් සිදුනොකරන ලෙස උද්ඝෝෂකයින්ට ද සිය නියෝගය මඟින් දන්වා සිටියේය.

කෙසේ වෙතත් සාමකාමී උද්ඝෝෂණ සිදුකළ හැකි බව දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරයා අධිකරණ නියෝගය උද්ඝෝෂණකරුවන්ට භාර දෙන ලෙස කොටුව පොලීසියට නියෝග කළේය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු විතානගේ මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇත. අධිකරණ නියෝග කඩ කරමින් කටයුතු කරන උද්ඝෝෂකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment