බයිඩන්ට තර්ජනය කළ පුද්ගලයෙක් වෙඩි වැදී මරුට

596


අන්තර්ජාලය ඔස්සේ අැමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ට සහ තවත් රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කළ ක්‍රෙග් රොබර්ට්ස් නැමැත්තා එෆ් බී අයි වැටලීමකදී වෙඩි වැදී මියගොස් ඇත.

එම නිලධාරීන් ඊයේ සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා සිතාසියක් භාරදීමට ගිය අවස්ථාවේදී එම වෙඩිතැබීම සිදුකර තිබේ.

ක්‍රෙග් රොබර්ට්ස් උටා පළාතේ පදිංචිව සිටි අයෙකි. ජනාධිපති බයිඩන් ද එම ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment