මහේල ජයවර්ධන Caltex Havoline හි සන්නාම තානාපතිවරයා ලෙස එක් වෙයි

Chevron Lubricants Lanka PLC (CLLP) ශ්‍රී ලාංකේය ලිහිසි තෙල් කර්මාන්තය තුළ තවත් අද්විතීය ඉදිරි පියවරක් තබමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ Caltex Havoline තම Pro DS Fully Synthetic Eco අත්හදා බලමින් එක් ලිහිසි තෙල් මාරුවකින් කිලෝ මීටර් 10,000ක ධාවන දුරක් සපුරාලමිනි.

මෙම සුවිශේෂී කාර්යක්ෂමතාව පිළිබඳ තොරතුරු පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී හෙලිකළ අතර එහිදී මෙරට මාර්ග තත්වයන් යටතේ එක් ලිහිසි තෙල් මාරුවක් තුළින් කිලෝ මීටර් 10,000ක දුරක් සම්පූර්ණ කළ හැකි බව සනාථ කිරීමට Chevron Lubricants Lanka PLC සමාගමට හැකියාව උදා විය. මේ තුළින් නිරන්තර නවෝත්පාදනයන් වෙනුවෙන් වන සිය කැපවීම නැවත වරක් ප්‍රදර්ශය කිරීමට සමාගම සමත් විය. එසේම මෙම සුවිශේෂී ජයග්‍රහණය මගී මෝටර් රථ ලිහිසි තෙල් අංශයේ ඉහළම ප්‍රමිතීන් සහිත ලිහිසි තෙල් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමටද හේතු වනු ඇත.

මෙම ජයග්‍රහණයෙහි තවත් සුවිශේෂී පියවරක් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකු වූ මහේල ජයවර්ධන Caltex Havoline Sri Lanka සමඟ සහයෝගී හවුල්කාරීත්වයකට එළඹීමයි. මහේල, Caltex Havoline හි නිල සන්නාම තානාපතිවරයා ලෙස මෙහිදී පත් කළ අතර ඒ තුළින් Caltex Havoline සන්නාමයට අමිල විශ්වාසයක් හා විශිෂ්ටත්වයක් එක් විය. මහේල ජයවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ අත්පත් කරගෙන ඇති විශිෂ්ටත්වය Caltex Havoline හි විශිෂ්ටත්වය සමඟ මනාව ගැලපෙන අතරම එය විශ්වාසනීයත්වය, නව්‍යකරණය හා ගුණාත්මකභාවය සඳහා වන Caltex Havoline හි කැපවීමද යළි යළිත් අවධාරණය කරනු ලබන්නේ සන්නාමයේ ජනප්‍රියතාව මෙන්ම පාරිභෝගිකයින් සමඟ වන සමීප බව තව දුරටත් ඉහළ දැමීමට ඉඩ හසර විවර කරමිනි.

ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment