ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ගෞරවාදරයට පාත්‍ර වූ 75 වසරක සාඩම්බර ඉතිහාසයක් ඇති සන්නාමයක් වන AMWහි, ටයර් නිෂ්පාදන හා බෙදාහැරීමේ ව්‍යාපාරික අංශයේ දිවයින පුරා ඇති බෙදා හැරීමේ නියෝජිතයන් සමඟ ගිවිසුමකට අත්සන් තබමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

මෙම අත්සන් කිරීම, මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියෙකු ලෙස ස්ථානගත වෙමින් කර්මාන්තයේ වර්ධනය සහ නව්‍යකරණය සඳහා AMW EPIC ටයර් හි කැපවීම විදහා දක්වන ලදී. ඩුබායි හි පිහිටි ්ක ත්‍මඑඒසප සමූහ ව්‍යාපාරයේ කොටසක් වන AMW Epic ටයර්ස් ගුණාත්මක බව, කල්පැවැත්ම සහ විශ්වසනීයත්වය යන සියලු‍ ගුණාංගයන්ගේ සම්මිශ්‍රණයෙන් සමන්විත වේ. AMW Epic ටයර්ස්, එහි විශිෂ්ටත්වය හඹා යාම වෙනුවෙන් කළ අඛණ්ඩ කැප කිරීම් සඳහා ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, ත්‍රිරෝද රථ, ස්කූටර් සහ යතුරුපැදි ටයර් සඳහා විශේෂීකරණය වූ ටයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වේ. වෙළඳපොලේ කැපී පෙනෙන සන්නාමයක් වන AMW Epic ටයර්ස් සන්නාමය, තරඟකාරී මිල ගණන් යටතේ, වසර තුනක වගකීමක් සමඟ, හොඳම තත්ත්වයේ ටයර් ලබා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment