ඇල්ජීරියාවේ දරුණු ලැව් ගිනිවලින් 26 දෙනකු මරුට

113

උතුරු ඇල්ජීරියාවේ දිස්ත්‍රික්ක 14ක ඇවිලෙමින් පවතින දරුණු ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයන් 26 දෙනකු මියගොස් ඇති අතර තවත් 41 දෙනකු ශ්වසන අපහසුතා හේතුවෙන් හා 04 දෙනකු පිළිස්සීම් තුවාල හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

මෙම ලැව් ගිනි ඇවිලෙමින් තිබෙන ප්‍රදේශවල පිහිටි නිවාසවලින් පුද්ගලයන් 350 දෙනකු ඉවත් කර ඇති අතර මහාමාර්ග ගණනාවක් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. අප්‍රිකානු රාජ්‍යයක් වන ඇල්ජීරියාවේ සිවිල් ආරක්ෂණ ආයතනයට අනුව මේ වන විට රටේ දිස්ත්‍රික්ක 14ක දරුණු ලැව් ගිනි 39ක් ඇවිලෙමින් පවතින අතර ඉන් 16ක්ම ඇවිලෙමින් පවතිනුයේ ‘එල් ටාර්ෆ්’ දිස්ත්‍රික්කයේය. අගෝස්තු මස මුල සිට ඇල්ජීරියාවේ දරුණු ලැව් ගිනි 106ක් ඇවිලී ඇති අතර ඒ හේතුවෙන් හෙක්ටයාර් 2500කට අධික භූමි භාගයක් මේ වන විට විනාශ වී ගොස් ඇති බව වාර්තා වී තිබේ. මෙම ගිනි වලින් ඇතැමක් මිනිසුන් විසින් ඇති කරන ලද ඒවා බව අනාවරණය වී තිබේ. හෙක්ටයාර් මිලියන 4.1ක වනාන්තර සහිත රටක් වන ඇල්ජීරියාව අප්‍රිකා මහාද්වීපයේ විශාලතම රාජ්‍යය සේ සැළකේ.

advertistmentadvertistment
advertistmentadvertistment