එංගලන්තය 165ට දැවෙයි

199

සත්කාරක එංගලන්ත කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 52 කට බිඳ දමමින් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 165කට සීමා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමේ කාගිසෝ රබාඩා ඊයේ (18 වැනිදා) සමත් වූයේය.

රබාඩා සමග එක්ව එංගලන්ත ඉනිම බිඳ දැමීමට අනගි සහයක් ලබාදුන් ඇන්රිච් නොකියා කඩුලු 3ක් සහ මාකෝ ජානේසන් කඩුලු 2ක් බිඳ දැමුහ. එංගලන්තයේ ලෝර්ඩ්ස්හි පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගැනීමට ඔලී පොප් සමත් වූ අතර ඔහු ලකුණු 73ක් ලබා ගත්තේය.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10 සීමාව ඉක්මවා ගිය අනෙක් පිතිකරුවන් වූයේ නායක බෙන් ස්ටෝක්ස් (20), ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ මැට් පොට්ස් ලකුණු 15 බැගින් රැස් කරමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment