පාපන්දු නිලවරණයට පාර්ශ්ව දෙකකින් නාම යෝජනා

134

හිටපු සභාපති ජස්වර් ඒකාබද්ධ පෙරමුණෙන් අනුරාධපුර ලීග සභාපති අනෙක් පාර්ශ්වයෙන්

ජාත්‍යන්තර තහනමකට ලක්ව ඇති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා හිටපු සභාපති ජස්වර් උමාර්ගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ පෙරමුණ නාම යෝජනා භාරදීම පෙරේදා (19 වැනිදා ) සිදු කෙරිණි.

පාපන්දු ලීග 67 න් 58ක්ම ජස්වර් උමාර් ඇතුළු ඒකාබද්ධ කණ්ඩායමට සහාය පළකර ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික් ලීගයේ සභාපති තිලංග දක්ෂිත සුමතිපාල මහතා අනෙක් පාර්ශ්වය නියෝජනය කරමින් නාම යෝජනා භාරදී ඇත.

නාමයෝජනා පිළිබඳ අභියාචනා භාරගැනීම සැප්තැම්බර් මස පළවෙනිදා සිට තුන් වැනි දා දක්වා සිදු කෙරෙන අතර අභියාචනා සලකා බැලීම 4 වැනි දා සිදු කෙරේ.

ඒ අනුව සභාපති ඇතුළු නිලධාරීන් දහතුන් දෙනකු තෝරා ගැනීම සඳහා ඉදිරිපත් වන අවසාන නාම යෝජනා ලයිස්තුව සැප්තැම්බර් 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත වේ.

ජස්වර් උමාර් විනිසුරුවන්ගේ සංගමය නියෝජනය කරමින් සභාපති ධුරයට නාමයෝජනා ලබාදී තිබේ.

ඊට අමතරව මෙරට පාපන්දුවේ ප්‍රබල චරිත 02ක් වන හිටපු සභාපති රංජිත් රොඩ්රිගෝ (මීගමුව පාපන්දු ලීගය) සහ හිටපු උපසභාපති මනිල් ප්‍රනාන්දු (කළුතර පාපන්දු ලීගය) උපසභාපති ධුර සඳහා උමාර්ගේ කණ්ඩායමෙන් නාමයෝජනා භාර දුන්හ.

අනෙක් උපසභාපති ධුර සඳහා ගාල්ල පාපන්දු ලීගයෙන් සමන් දිල්ෂාන් නාගහවත්තද, ශ්‍රී ලංකා නාවික හමුදා පාපන්දු ලීගයෙන් කේ. එම්. එම්. පී. කරුණාතිලකද නාමයෝජනා භාරදී තිබේ.

තිලංග දක්ෂිත සුමතිපාල මහතාගේ පාර්ශ්වයෙන් උප සභාපති ධුර සඳහා ඩබ්ලිව්. ඒ. එම්. රෝහිත පනාන්දු, ටී. අයි. උඩුවර, ජගත් රෝහණ, රෝහිත ප්‍රනාන්දු, පී. ජී. පී. පීරිස් යන අය නාම යෝජනා භාර දුන්හ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment