ධර්මසිරි නික්ම ගොස් වසරයි

386

හෙළ කලාවට කලාකරුවන්ට හා සිනමාවට ආදරය කළ චිත්‍රපට නිෂ්පාදකවරයකු නිෂ්පාදන විධායකයකු ද වූ ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතාගේ පළමු ගුණ සමරුව මෙම 17 වැනිදාට යෙදී තිබේ.

1976 ජුලි 25 දා 338 වැනි සිංහල චිත්‍රපටය ලෙස තිරගත වූ යූ. ඩබ්ලිව්. සුමතිපාල සුමති චිත්‍රපට වෙනුවෙන් නිපැයූ විජය මාලිනි රඟපෑ ‘උන්නත් දාහයි මළත් දාහයි’ සිනමා පටයේ නිෂ්පාදන විධායකවරයා ද වූ ධර්මසිරි, සුමතිපාල මහතා චිත්‍රපට නිෂ්පාදනයට යොමු කිරීමට ද මූලික වූයේය. තම හිත මිතුරු ටෝනි රණසිංහයන් සමග එක්ව ලේඛිකා අයිලින් සිරිවර්ධනගේ නවකතාව ඔස්සේ ලෙස්ටර් රෙජ්ම්ස් පීරිස් සිනමාකරුවාණන් ලවා ‘අහසින් පොළවට’ චිත්‍රපටය බිහිකිරීමට පුරෝගාමි විය. තෙවන ලෝකය හොඳම චිත්‍රපටයට කයිරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී පිරිනැමුණු ඇක්නටන් සම්මානය ද එදා පිරිනැමුණේ අහසින් පොළවටයි. එදා එම සම්මානය රැගෙන ඒමට ධර්මසිරි එහි ගියේය. ගුවන්තොටුපළේදී ඔහු එම සම්මානය යූ. ඩබ්ලිව්., සුමතිපාලයන් වෙත භාර දුන්නේය. තම සොහොයුරිය චිත්‍රපට නිෂ්පාදිකා මිලිනා සුමතිපාල ටෝනි හා ධර්මසිරි බිරිඳ මාලනි ද ගුවන්තොටුපළේදී එය පිළිගත් මොහොතට එක්වූහ. ටෝනි හා ධර්මසිරි හා ඩබ්. එම්. අබේසිංහ එය භාරගන්නට කයිරෝ බලා ගොස් තිබිණි. සුමති චිත්‍රපට නිපදවූ සිනමා ජාලයේම ධර්මසිරි නම ද අමතක නොවන්නකි.

ධර්මසිරි නික්ම ගොස් වසරයි
කයිරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී “අහසින් පොළොවට” චිත්‍රපටය හිමිකරගත් ඇකන්ටන් සම්මානය රැගෙන ලංකාවට පැමිණිදා ගුවන් තොටුපළේදී යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතා (සම්මානය අතැතිව) මිලිනා සුමතිපාල මහත්මිය, ටෝනි රණසිංහ, ඩබ්ලිව්. ඒ. ධර්මසිරි සහ ඔහුගේ බිරිඳ මාලනී ධර්මසිරි මෙහි වෙති.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ක්‍රියාකාරිකයකු වූ ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක, විජය කුමාරතුංග, ටී. බී. ඉලංගරත්න ඇතුළු නායකයන්ගේ ද හේ ළබැඳි ආධාරකරුවකු වූයේය. විජය – චන්ද්‍රිකා මහජන පක්‍ෂය පිහිටුවද්දී ඊට දැවැන්ත සහයෝගයක් ඔහු දුන්නේය. 1982 ජනාධිපතිවරණයේදී විජය – ඔසී සමග සිරගෙදර තපින්නට ද වරෙක ඔහුට සිදුවිය. ධර්මසිරි මහතාගේ බිරිඳ මාලිනි ධර්මසිරියි. රුවනි, නුවන්, රදික, මතීෂ ඔහුගේ පුතුන් තිදෙනායි. පළමු ගුණ සමරුව නිමිත්තෙන් 17 වැනිදා පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මහා සංඝරත්නය විෂයෙහි සාංඝික දානයක් පිරිනැමීමට ද කටයුතු යොදා ඇති බව ධර්මසිරි බිරිඳ මාලනි ‘දිවයින’ට පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment