ව්‍යවස්ථාදායක සභාවට සිවිල් ක්‍රියාකාරීහු තිදෙනෙක්

183

ඇමැති විජයදාස කියයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසු ඇති කිරීමට යෝජිත ව්‍යවස්ථාදායක සභාවට සිවිල් ක්‍රියාකාරීන්ද ඇතුළත් කරන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය.

ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරමින් සාමාජිකයන් 10 දෙනකු පත් කිරීමට නියමිතය.

එම ජනාධිපතිවරයා නම්කරන එක් අයකු,අගමැති නම්කරන එක් අයකු, විපක්‍ෂ නායක නම්කරන එක් අයකු, කථානායක නම්කරන එක් අයකු, ආණ්ඩු පක්‍ෂයේ එක් අයකු, විපක්‍ෂයේ එක් අයකු, පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්‍ෂවලින් සහ සිවිල් සංවිධානවලින් තිදෙනකු ලෙස මෙම ව්‍යස්ථාදායක සභාව පත්කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පෙරේදා (10 දා) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ වන විට පාර්ලිමේන්තුවට විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කර ඇතත් එය සැලකිල්ලට නොගෙන රජය විසින් ඉදිරිපත් කර තිබෙන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment