නැකැත් නොමැති කෝණ මාසය ආරම්භවේ

604

දැනට සිංහ රාශිය තුළ ගමන් ගන්නා රවි ග්‍රහයා සැප්තැම්බර් මස 17 වැනි දා තම සම රාශියක් වන බුධ හිමි කන්‍යා රාශියට පිවිසෙයි.

ඒ අනුව උත්‍රපල් නැකතේ පළමු පාදයට පිවිසෙන රවි ග්‍රහයා, එම කන්‍යා රාශියේ එළැබෙන ඔක්තෝබර් 18 දා, තුලා රාශි ගත වන තුරු එනම් මසකට ආසන්න කාලයක් කන්‍යාවේ ගත කරනු ඇත- මෙම රවි මාරුව ඉතාම ප්‍රබල ග්‍රහ මාරුවකි- එසේම රවි ග්‍රහයා කන්‍යා රාශි ගත වීම කෝණ මාසයක ආරම්භයයි- මෙම රවි මාරුව මේෂ, කටක, සිංහ, තුලා, ධනු හා මීන ලග්නවලට යහපත් වනු ඇත.

ජ්‍යොතිෂානූකූලව කෝණ මාසයක් යනුවෙන් අදහස් කරනුයේ එම කාල සීමාව තුළ හිරුගෙන් හෙවත් රවි ග්‍රහයාගෙන් ලැබෙන අසුබ කිරණ නිසාවෙන් මෙම කාල සීමාව තුළ ගුරු, සිකුරු, බුධ යන සුබ ග්‍රහයින්ගේ සුබ ග්‍රහ බලය දුර්වල වීමයි- මෙම හේතුව නිසා මෙම සුබ ග්‍රහ බලය දුර්වල වී පිරිහි ගොස් ඇත- ඒ අනුව එම කාලය තුළ විශේෂයෙන් නිවාස සම්බන්ධ කටයුතු හා විවාහ සම්බන්ධ කටයුතුවලට අසුබය- මෙම කාල සීමාව තුළ එ සම්බන්ධව නැකැත් සෑදීමක් නොකරනු ඇත-

සූර්යයාගේ ගමන හෙවත් ගෝචරය හේතුවෙන් නොයෙසේ නම් ක්‍රාන්ති මාර්ගයත් නිරක්ෂ රේඛීයව හෙවත් සමකයත් පදනම් කර ගනිමින් කෝණ මාස නිර්මාණය වේ. මෙහි ක්‍රාන්ති මාර්ගය යනු සූර්යා ගමන් කරන මාර්ගය යි. හිරුගේ හෙවත් රවිගේ ගමන යනුවෙන් සඳහන් කළ ද සත්‍ය වශයෙන්ම සිදුවන්නේ පෘථිවිය තම කක්ෂය දිගේ තමා වටා භ්‍රමණය වෙමින් හිරු වටා පරිභ්‍රමණය වීමයි. ජ්‍යොතිෂවේදී රවි හෙවත් සූර්යා මිථුන, කන්‍යා, ධනු, මීන යන උභය රාශින්වල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. කෝණ මාස මෙතරම් අශුභ වන්නේ සූර්යයාගේ අශුභ දෘෂ්ටි පෘථිවියට එල්ල වන බැවිනි.

මෙම කාලය තුළ විවාහ කටයුතු මෙන්ම නව නිවාස සෑදීම මෙන්ම ගෙවදීම සිදු කළ විට එම අයගේ සියලු අංශයන් කෙරෙහි එහි අසුබ ප්‍රතිඵල උදා වනු ඇත- ඒ අනුව ඉහත කටයුතු සඳහා නැකැත් යොදා ගත යුත්තේ 2023 වසරේ ඔක්තෝබර් 18 වනදායින් පසුවයි.

නැකැත් නොමැති කෝණ මාසය ආරම්භවේ

බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ
නො. 49/ 1, විහාර මාවත, ගම්මන්පිල,
බණ්ඩාරගම. දුරකතන අංකය 0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment