Screenshot

74

මෙවර අපේ Screenshot හැඩවන්නේ රනිල් මුදුන්කොටුවගේ මුහුණු පොතේ පළවූ අපූරු සටහනකින් හා රූප පෙළකිනි. එහි මෙසේ සටහන්ව තිබිණි. පෘතුවියේ සිදුවන බිහිසුණුම ස්වභාවික සංසිද්ධියක් තමයි ගිනිකඳු කියන්නේ…ගිනි කන්දක් ඇතුළේ මොන වගේ ඇතිද… අයිස්ලන්තයේ Thrihnukagigur ගිනි කන්ද පැත්තේ ගියොත් නම් ගිනි කන්දක ඇතුළ මොන වගේද කියලා බලලා එන්න පුළුවන්.

විශේෂයෙන් ගිනි කන්දක හදවත විදිහට සැලකෙන මැග්මා චෙම්බර් එක (Magma chamber) ඒ කියන්නේ ද්‍රව පාෂාණ එහෙම නැත්නම් මැග්මා, පෘතුවිය මතුපිටට පැමිණෙන තෙක් රැස් වී තිබෙන තටාකය වැනි ස්ථානය නැරඹීමටත් Thrihnukagigur ගිනි කන්දේදී අවස්ථාව උදා වෙනවා.

Screenshot

අයිස්ලන්තයේ අගනුවර වන රෙක්ජාවික් වල ඉඳලා කි. මී. 30 ක් විතර දුරින් තමයි මේ Thrihnukagigur ගිනි කන්ද තියෙන්නේ.

මේ ගිනි කන්ද අවසන් වරට පුපුරලා ගිහින් තියෙන්නේ මීට අවුරුදු 4,000 කට විතර ඉස්සර කියලයි කියන්නේ…ඒක දැන් ආයේ නැගිටින්නේ නැති විදිහට සදාකාලික නින්දට වැටුණු මළ යමහලක්/ගිනි කන්දක් විදිහට තමයි සැලකෙන්නේ.

Thrihnukagigur ගිනි කන්ද නරඹන්න යන සංචාරකයන්ට ගිනි කන්ද උඩට ගමන් කරලා, එකේ මුදුනේ තියෙන දිග මීටර් 4 ක් සහ පළල මීටර් 4 ක් පමණ වන විවරයෙන් තමයි ගිනි කන්ද ඇතුළට ගමන් කරන්න අවස්ථාව උදා වෙන්නේ…මේ විවරය ඔස්සේ පහළට ගමන් කරන්න විශේෂයෙන් සැකසූ කුඩා ක්‍රේන් එකක් ක්‍රියාත්මකයි.

Screenshot

සටහනේ මුල් අයිතිකරුට (පියැසි කවුළුව පිටුව) බෙහෙවින් ස්තූතියි කියලත් රනිල් මුදුන්කොටුව මෙහි සටහනක් තබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment