සෙලාන් ටිකිරි පොළ මෙවර අරලගංවිල වෙලයාය ජාතික පාසලේදී සාර්ථකව පැවැත්වෙයි

84

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ළමා ඉතුරුම් සන්නාමය වන සෙලාන් ටිකිරි සංවිධානය කරනිසෙලාන් ටිකිරි පොළ’ වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන පසුගියදා අරලගංවිල වෙලයාය ජාතික පාසලේදී පැවැත්විණි.

පාසල් දරුවන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අරමුණු කරගනිමින් සෙලාන් ටිකිරි මෙම ටිකිරි පොළ වැඩසටහන් මාලාව සංවිධානය කරයි.

සෙලාන් ටිකිරි පොළ යනු සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වන අතර මූල්‍ය කටයුතු, ඉතුරුම්, වෙළඳපොළ, පාරිභෝගිකයන් සහ භාණ්ඩ හා සේවා ආදිය පිළිබඳව දරු දැරියන්ට ප්‍රයෝගික දැනුමක් ලබාදීම මෙහි අරමුණයි. මේ සඳහා දැනටමත් සිසු සිසුවියන් මෙන්ම දෙමාපියන් හා ගුරුවරුන් වෙතින් උණුසුම් ප්‍රතිචාර ලැබී තිබේ.

අධ්‍යාපනික ජයග්‍රහණ වෙනුවෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු, එහෙත් ඩිජිටල්කරණය නිසා එම අවධානය නිරන්තරයෙන් බිඳී යන ලෝකයක් තුළ, සෙලාන් ටිකිරි පොළ යනු සිසු සිසුවියන්ට ලැබෙන සැබැවින්ම නැවුම් අත්දැකීමකි. දරුවන්ට ප්‍රායෝගික මූල්‍ය දැනුම ලබාදීමේ වැදගත්කම මෙහිදී අධාරණය කරනු ලබන අතර, කුඩා අවධියේ සිටම ඔවුන්ට මුදල් කළමනාකරණය සහ ඉතුරුම් සම්බන්ධ මූලික අවබෝධයක් ලබාදීමද සිදුකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment