සියැට් කැළණි වෙතින් ‘ඔරායන් බ්‍රාවෝ’ පරාසයේ නව රේඩියල් ටයර් ප්‍රමාණ තුනක්

1

වාහන හිමියන් විශාල පිරිසකට සියැට් නිෂ්පාදන තෝරා ගැනීමේ අවස්ථා පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගම රේඩියල් ටයර ප්‍රමාණ තුනක් වෙළඳපොළට හඳුන්වා දී ඇත.

සියැට් හි ‘ඔරායන් බ්‍රාවෝ’ පරාසයට එක් කළ නව රේඩියල් ටයර් 155/65 R14, 165/70 R14 සහ 165 R13 යන ප්‍රමාණ වලින් පවතී. මෙම පළමු වර්ග දෙක කුඩා මෝටර් රථවල ජනප්‍රිය මාදිලි සඳහා නිපදවා ඇති අතර, තෙවැනි වර්ගය මධ්‍යම ප්‍රමාණයේ වෑන් රථ සඳහා වන බව සමාගම පවසයි.

සියැට් ඔරායන් බ්‍රාවෝ 155/65 R14 සහ 165/70 R14 ටයර් වර්ග දෙකම සුවිශේෂ කට්ට රටාවකින් සමන්විත වන සේ නිර්මාණය කර ඇති බැවින් මෙම ටයරවල ආයුකාලය වැඩි වන අතර ටයරයට ඇති විය හැකි බාහිර හානිවලට ඉහළ ප්‍රතිරෝධයක් දක්වයි.

155/65 R14 ටයරය සුසුකි Wagon R, Daihatsu Mira ES, Daihatsu Hijet, නිසාන් Dayz හා හොන්ඩා N-WGN යන වාහන වර්ගවල භාවිතය සඳහා නිපදවා ඇති අතර 165/70 R14 ටයරය සුදුසු වන්නේ ටොයෝටා විට්ස්, ටොයෝටා ඇක්වා, රෙනෝ ක්විඩ් සහ ටොයෝටා පාසෝ යන වාහන වලට වේ. මෙම වාහන වර්ග ශ්‍රී ලංකාවේ මාර්ගවල බහුලව දක්නට ලැබේ.

මේ අතර, සියැට් ඔරායන් බ්‍රාවෝ 165 R13 වෑන්රථ රේඩියල් ටයරය ද සුවිශේෂ කට්ට රටාවකින් සමන්විත වීම තුළින් ටයරයේ කල්පැවැත්ම, වැඩි ආයුකාලයක් සහිත කට්ට රටාව, සහ බාහිර හානිවලට ඉහළ ප්‍රතිරෝධයක් හා වැඩි බරක් දරා ගැනීමේ හැකියාවක් ද පවතී. මෙම ටයරය ටොයෝටා ටවුන් ඒස්, ටොයෝටා ලයිට් ඒස්, සහ තවත් වෑන් රථ කිහිපයක භාවිතය සඳහා නිපදවා ඇත.

මෙම ටයර් වර්ග තුන හඳුන්වා දීම මගින් ශ්‍රී ලංකාවේ සියැට් රේඩියල් ටයර් පරාසය 58 දක්වා වැඩි වන බව සමාගම පවසයි.

“මෙම ටයර් වර්ග එළිදැක්වීම තුළින් පිළිබිඹු වන්නේ ඉහළ මට්ටමේ යුරෝපීය සෙඩාන් වර්ගයේ හා SUV වාහනවල සිට කුඩා කාර් සහ වෑන් රථ දක්වා වන සම්පූර්ණ වාහන පරාසයේ ම ටයර් අවශ්‍යතා සපුරාලීම උදෙසා ඇති අපගේ අඛණ්ඩ කැපවීමයි,ට් යැයි සියැට්-කැළණි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා පැවසීය. “ඔරායන් පරාසයෙහි නිෂ්පාදනවල මිල, පාරිභොගිකයින් හට දැරිය හැකි සහ වෙළෙඳපොළේ තරගකාරී විය හැකි පරිදි නියම කර ඇති අතර දිවයින පුරා පිහිටි අපගේ අලෙවිසැල් වලින් ලබාගත හැකිය. ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රොස්-ප්ලයි සහ රේඩියල් ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල් (මගී මෝටර් රථ, වෑන් සහ SUVs), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා ටයර් ආවරණය කරයි.

ශ්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන සියැට් කැලණි සමාගම සිය නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment