RDB තණමල්විල නව පරිශ්‍රයකට

14

RDB බැංකුවේ තණමල්විල ශාඛාව වඩා වැඩි පහසුකම් සහිත ස්ථානයක් කරා ප්‍රවිෂ්ඨ වීම 2024.04.08 දින සිදු විණි. RDB බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සුමේධ එදිරිසූරිය මහතාගේ ආරාධනයෙන් බැංකුවේ සභාපති සිරිකුමාර ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි. RDB බැංකුවේ මෙහෙයුම් හා බැංකු සහාය සේවා පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බන්දුල ද සිල්වා, ඌව පළාත් ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී කේ.බී. විජේරත්න මහතා ඇතුළු ආරාධිතයින් මෙන්ම RDB බැංකුවේ ගනුදෙනුකාර භවතුන් රාශියක් මෙම අවස්ථාව සඳහා සහභාගි විය. RDB ගමට digital වැඩසටහන යටතේ ව්‍යවසායකයින් විද්‍යුත් ගෙවීම් පියවීම් මාධ්‍යයන් වෙත හුරුකරවීම සඳහා RDB QR, Debit VISA කාඩ්පත් පහසුකම් ලබාදීම මෙන්ම ව්‍යවසායකයන් වෙත ලීසිං පහසුකම සහ මූල්‍ය පහසුකම් ප්‍රදානයද සිදුවිණි. ඌව පළාත් කාර්ය මණ්ඩලය සහ තණමල්විල ශාඛා කළමණාකරු චතුර හීනටිගල ඇතුළු කාර්ය මණ්ඩලයද මෙම උත්සවය සඳහා සහභාගි විය.

RDB තණමල්විල නව පරිශ්‍රයකට
advertistmentadvertistment
advertistmentadvertistment