ඩොලරය නගී

182

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (14 දා) දිනයේදීි සැලකිය යුතු ලෙස පිරිහෙමින් ඇමරිකානු ඩොලරයක අගය ඊයේ දිනයේ රු. 9.77 කින් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (14 දා) නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව පෙරේදා (13 දා) රු. 309.22 ක් වූ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (14 දා) දිනයේදී රු. 318.99 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල ද පෙරේදා (13 දා) වාර්තා වූ රු. 294.91 සිට ඊයේ (14 දා) දිනයේදී රු. 303.19 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment