ජනතාවගේ ජීවන තත්ත්වය, රටේ දේශපාලන හැඩය සතුටින් පිරි ජීවිතයක් බවට වෙනස් කරනවා

46

ජනතාවගේ වියදම තුනෙන් දෙකකින් වැඩි වෙලා
ආදායම තුනෙන් එකකින් අඩුවෙලා
මව්බිම ජනතා පක්‍ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර

“අපි මේ රටේ ආදර්ශවත් පක්ෂයක්. මේ රටේ අනාගතය සඳහා පෙරමං තනන පක්ෂයක්. අන්න ඒක නිසා අපි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල සාම්ප්‍රදායික මැයි දින රැලිවලින් ඉවත් වෙලා ව්‍යවසායකත්වය තුළින් සාධනීය මානව ප්‍රාග්ධනය නිර්මාණය කිරීම උදෙසා “මැයි දිනය ඇයි” කතිකාවත මෙසේ ආරම්භ කරනවා. නමුත් මේ සාම්ප්‍රදායික පක්ෂවල මැයි දින රැලි යන්නේ කොහෙද? අද ප්‍රධාන පක්ෂ පවත්වන මැයි රැලිවලින් දෙකක් වත්මත් පාලක පක්ෂයේ ඒවා. මේ සේරම මැයි රැලි අවසානයේ නතර වෙන්නේ ජාවාරම්කාර ව්‍යාපෘති විදිහට. අපි දන්නවා මේ අවුරුදු දෙක තුළ මේ ශ්‍රමික ජනතාවගේ වියදම තුනෙන් දෙකකින් වැඩි වෙලා ආදායම තුනෙන් එකකින් අඩුවෙලා. ආණ්ඩුව අද ඒක ද සමරන්නේ. අපට අවශ්‍ය මේ රටේ හැමදාම දුක්විඳින ශ්‍රමිකයන්ගේ හැඟීම්, දැනීම් අභිප්‍රේරණය කරමින් ඔවුන්ගේ ජීවිතය වඩාත් සතුටින් ගත කරන ජීවිතයක් බවට පරිවර්තනය කිරීමයි. ඒ සඳහා අපි අපගේ ප්‍රායෝගික උපාය මාර්ගික සැලැස්ම ඔබ ඉදිරියේ තැබීමට සූදානම්.” යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්ෂ මූලස්ථානයේ පැවැති “මැයි දිනය ඇයි” කතිකාව අමතමින් කියා සිටියේය.

මෙම කතිකාව සඳහා පක්ෂයේ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය හේමකුමාර නානායක්කාර, උප සභාපතිවරුන් වන අනුරාධා යහම්පත්, ජගත් පුෂ්පකුමාර ඇතුළු පක්ෂයේ විධායක සභිකයන් සහ ශ්‍රී ලාංකීය ශ්‍රම බළකාය නියෝජනය කරමින් අභිමානවත් ශ්‍රම බළකාය ද සහභාගි වූහ.

තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment